Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Arisen Ahubudu.

  • by
~2012.05.20 දින රන්දිව ජාතික පුවත්පතට ලියූ "අහුබුදු හරසර" විශේෂ ලිපිය.


—අහුබුදු තුමා˜ කියන යෙදුම මගේ ශබ්ද කෝෂයට එකතු වුනේ 2008 වර්ෂයේ මැයි මාසේ එක දවසක. මට අදත් හො`දට මතකයි ඒ දවස. එදා තමයි මම අහුබුදු තුමාව හම්බ වෙලා මුලින්ම කතා කරපු දවස. එදා මගේ හදවත පුරාවට ඉතිරිලා කියපු ගෞරවය, අභිමානය තාමත්, අදටත් ඒ විදිහටම නොවෙනස්ව තියනවා.

අවුරුද්දකට කලින් මැයි 26 වෙනිදා හවස 3.30 ට විතර මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණා. ඒ සුභ ආරංචියක් දැනුම් දෙන්න නම් නෙවෙයි. —අහුබුදු තුමා මිය ගිහින්˜ ඒ ආරංචිය මට දරා ගන්න තරම් හයියක් තිබුනේ නෑ. හදවත ඉකිබි`දින්න පටන් ගනිද්දි පුංචි ක`දුලූ බිංදු මගේ දෙනෙතින් කඩා හැලෙන්න ගත්තා. ඇමතුම විසන්ධි කරපු මම ඇ`දට වැටුණා. එදා හවස අපි කලාපුරේ අහුබුදු තුමාගේ නිවසට යද්දි රාත්‍රි 11 ටත් කිට්ටුයි. මේ ගමනට මාත් එක්ක එකතු වුනේ භාතිය තිසේරා අයියා. අපේ ඇස් හො`දටම තෙත් වෙලා. ඒ වේලාව වෙද්දිත් අහුබුදු තුමාගේ පණ සුන් මළ සිරුර නිවසට ගෙනැත් නෑ. අපි කලාපුරේ මැද්දේ අහුබුදු තුමා නඩත්තු කරපු බෝධීන් වහන්සේ රෝපනය කරලා තිබුණු වැලි මළුවට පියවර මැන්නා. ඒ අතරවාරේ එතුමාගේ මතකයන් අතර අපි තනිවුණා.

කලාසූරී අරිසෙන් අහුබුදු පඩිවරයාණෝ රුහුනේ අභීත පුත්‍රයෙකි. එතුමන් උපන්නේ 1920 මාර්තු මාසේ 18 වැනිදා කොග්ගල, මලලගම කියන මුහුදුබඩ සුන්දර ගම් පියසෙහිය. එතුමන්ගේ මුල් නම වූයේ දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආරියසේන ආශ=බෝධ යනුවෙනි. නමුත් මුනිදාස කුමාරතුංග වියතානන්ගේ ඇසුර හේතුවෙන් තම නම හෙළ බස් වහරට පෙරලා ගත්තේ —අරීසෙන් අහුුබුදු˜ ලෙසිනි. එතුමන් හා කුමාරතුංග මුනිදාසයන් අතර පැවැති ඇසුර —කුමාරතු`ගු ඇසුර˜ නම් කෘතිය තුළ හො`දින් අහුබුදු තුමන් රචනා කර ඇති අතර කුමාරතුංග මුනිදාසයන් වෙනුවෙන්ම —කුමාරතුංග පඩි එකතුව˜ නම් කෘතියක්ද රචනා කළේය.

කතුලූව රජයේ පාසලින් අධ්‍යාපනය හැදෑරු අහුබුදු තුමන් වසර 1924 දී නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගාල්ල මහින්දය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වැනි උසස් පාසල් වල පමණක් නොවන මරදාන මහාබෝධි විද්‍යාලය, අහංගම ශාරීපුත්‍ර විද්‍යාලය වැනි පාසල් වලද, මැදිහත් සිතින් යුතුව හෙළ බස උගන්වා දෑ හිතකාමි හෙළ සිසු පරපුරක් බිහිකරන ලද ගුරුතුමෙකි.


ශ+ර කවියෙකු වූ එතුමා රචනා කළ කවි ප්‍රමාණය සුළුපටු නොවේ. —පරෙවිය˜ නමින් එතුමන් රචනා කල සාම සංදේශය මෙතෙක් ලියවී ඇති දීර්ඝතම සංදේශ කාව්‍ය වන අතර එතුමන් එය රචනා කලේ 1962 වසරේදීය. එසේම එතුමන් රචනා කළ —පරලොවින් අස්නක්˜ කවි පෙළද අපූරු මුහුනුවරක් ගත්තකි. දක්ෂ ගීත රචකයෙකු වූ එතුමා විවිධ වූ තේමාවන් යටතේ ගීත බොහොමයක් රචනා කොට ඇත. ඒ අතර දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන සැසි ලෝ හිමි, අමිතා වැදිසිංහ ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදුරැස්, සුනිල් ශාන්තයන් ගායනා කරන දකුණ නැගෙනහිර ගීතය, ලංකා ලංකා පෙම්බර ලංකා මෙන්ම ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් අධක්ෂණය කල —සංදේශය˜ චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ —පෘතුගී්‍රසි කාරයා˜ වැනි ගීත අදටත් අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් ලෙස හැදින්විය හැක.

පරම  පවිත්‍ර නිර්මල බුදුදහම වෙනුවෙන් එතුමන් කෘති බොහෝ ප්‍රමාණයක් රචනා කළ අතර —එන කපේ බණ කතා˜ බුද්ධ වංසය, —සිරි දෙසුම˜ ඒ අතර සුවිශේෂි වේ. මීට අමතරව එතුමන් මහා සතිපට්ඨාන සූත්‍රය, මහා සිහිවටන, ලෙසද, ආරක්ෂක පිරිත් ත්‍රිත්වය —තුන් සුතුර˜ ලෙසද පෙල බසින් හෙළ බසට පෙරලූ එතුමන් —මහා සතර සිහිවටන˜ හා —සෙත්මීර˜ යන බුද්ධ භාෂිතයන් ද හෙළ බසට පෙරලීමට සමත් විය.

මහා වංශයෙන් යටපත් කළ හෙළ ඉතිහාසය යලි මතු කිරීමට ඉමහත් සේවයක් කළ අහුුබුදු තුමන් හෙළයේ යට ගිය වංශය "ඉර හඳ නැගි රට" යනුවෙන් රචනා කළ එතුමන් රාවන යුගය ගැන පවා ගවේශනය කළ ඉතිහාසඥයෙකි. ඉතිහාසයත් වේදිකා නාට්‍යයත් එක්තැන් කළ එතුමා රචනා කළ සක්විති රාවණ ,මනුවස, වෙට්ට පිත්තලයා, පෙරලිය, හෙළ හැතිරිය, වැනි වේදිකා නාට්‍යය රැසක්ම පවතින අතර හෙළබස් වහර නැංවීමටද එතුමන් ඉටුකළ මෙහෙය සුලූපටු නොවේ. "හෙළ හවුල" වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකළ අහුුබුදුතුමන් කාව්‍ය විවේචනය, ලංකා නම්ගම් වහර, සිංහල වංශ කතාව, සිංහල කවියේ එදා මෙදාව වැනි කෘති ගණනාවක් මෙන්ම හෙළ බස වෙනුවෙන් පළ කල "එඩිය"සඟරාවේ සංස්කාරකවරයාද විය.


ජාතියේ අනාගතය ළමා පරපුර බව විශ්වාස කළ අරිසෙන් අහුබුදු තුමන් දැයේ දරුවන් වෙනුවෙන් "සංවර"යනුවෙන් සඟරාවක්ද අඹ දඹරය, යන්තර සුරය, වානර උවදුර, අම්මයි දුවයි, නරසීහ උවදුර, වීර උදාර, සීයාගේ හැරමිටිය වැනි කතන්දර පොත් මෙන්ම ළමා ගී, අකුරු කරනය වැනි කෘති ගණවනාවක් ද රචනා කොට ඇත.

හෙළ දරුවන් ලක‍ෂ ගණනකට නම් තැබූ එතුමා ව්‍යාපාරික ආයතන රැසකට ද නම් තැබුවෙකි. සම්පත් බැංකුව, දම්රෝ, සිරස, සලාකා, සෙන්කඩ, තීන්රෝ, පැනාකා, වැනි කීර්තිමත් ව්‍යාපාර රැසක් ද ඒ අතර වේ. ජනසවිය, සෙත්සිරිපාය, සරසවිපාය, වැනි ආයතන නාම වල නිර්මාතෘවරයාද එතුමන් වේ. එසේම සමිති සමාගම් රැසකටද එතුමන් නම් තැබූ අතර "රාවණ සවිය" ජාතික සංවිධාන නාමය ඉන් ප්‍රධාන වේ.

ගල්කිස්ස, කලාපුරයේ පදිංචිව සිටි එතුමන් වියෝ වන විට 91 වන විය පසු කරමින් සිටි අතර අහුබුදුවන් සරසවි සම්මානය, ජනාධිපති සම්මානය පමණක් නොව කලාසූරි, කලා භූෂණ, හෙළ බස් මිණි ආදී රාජ්‍ය ගෞරව නාමයෙන්ද "මෛත්‍රී භූෂණ" ගෞරව නාමයෙන්ද පිදුම් ලැබූ අතර එතුමන් මිය යන විටත් තරුණයෙක් මෙන් සිතින්ද, ගතින්ද නිරෝගීව සිටි උත්තමයෙකි.

සිදු නොකොට සියලූ පව් - පිං කිරීමට යෙදෙන්නේ
සිතෙහි සුද වවන්නේ - මේ ඔවා සව් බුදුන්නේ
මෙබස නිති සැබෑමයි - ඒ සැබෑ බස් ඛෙලෙන් දැන්
යළි අහුබුදුවන් විත් - සිංහළේ  මේ නඟාවා




ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ.



Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE