එලියකන්ද වද කඳවුර.


"එලියකන්ද වද කඳවුර" 



ගිය සතියේ සෙනසුරාදා ඒ කියන්නේ 2013 ජූලි 13 වැනිදා මම යි අපේ කැඩයි (සජිත්) ගියා අපේ අති ජාත මිතුරිය දිනිති පමුදිතාව බලන්න. ටිකක් මහත් වෙලා උනාට කැත වෙලා නම් නෑ. ( :p )


ඔන්න දිනිතිට මොනව හරි ගෙනියන්නත් එපැයි මතක් උනේ ජයසේන ජයකොඩිව. කැඩාට අමතක වෙලා අපි නුගේගොඩ ගුවන් පාලමෙන් දාලා අමතක කරලා ආවට මහරගම සරසවිය ගාව දි අපේ ජීප් එක නැවතුනා. ඇතුලට ගිය මම පොත් රාක්ක පීර පීර පොත හොයද්දි කැඩා වාහනේ නව්ත්තලා ආවා. මෙන්න තියනවා මම 4 පන්තියේ ඉන්නකොට කියවපු පොතක්! රෝහිත මුණසිංහගේ "එළියකන්ද වද කඳවුර" පොත. එච්චරට ම සල්ලි අතේ නොතිබුනාට පොත ගන්නම මගේ හිත බල කලා. අවසානයේ මමයි කැඩයි එලියට ආවේ "එලියකන්ද වද කඳවුර" පොතයි, දිනිතිට ගත්ත ජයසේන ජයකොඩි ගේ "ගිහිගෙදර" පොතත් අරගෙනමයි.

එළියකන්ද වධ කඳවුර තිබුන 89 භීෂණ කාලේ එළියකන්දේ දහසක් වද විඳපු රෝහිත ලා වගේ ම, අපේ ආනන්දයේ හෙළ සිසු හවුලේ නිර්මාතෘ බාතිය අයියා ගේ මැදිහත් වීමෙන් ඇස් වලට පෙනීම ලබා දුන්නු 89, බටලන්දේ වද විදපු ආනන්දීයෙක් ම වෙච්ච ඉන්ද්‍රරතනලා ගේ වද වේදනා ගැන මම මේ බ්ලෝග් පෝස්ට් එකේ ලියන්නේ නෑ. ඒකට රෝහිතගේ පොත කියවන්න.


දෙවෙනි පාරටත් එළියකන්ද පොත කියවලා ඉවර කලාම මට දැනුන පුංචි අදහස් ටිකක් ලියන්න හිතුනා. ඇත්තෙන් ම 89 භීෂණයෙන් අපට නැති වුන පිරිස ගැන කතා කරනකොට විප්ලවයක මුවාවෙන් අවි ආයුධ අරන් මිනිස්සු මරපු එක ත්‍රස්තවාදයක් නෙමෙයි ද? අනික විජේවීරත්, ප්‍රභාකරන් වගේම ත්‍රස්තවාදීන් නෙමෙයි කියලා කාටද කියන්න පුලුවන්හැබැයි විජේවීර වගේ නෙමෙයි ප්‍රභාකරන් වීරයෙක්!!! හැබැයි ජාතික වීරයෙක් නම් නෙමෙයි.





විමුක්ති දුෂාන්ත රාවණසිංහ.