Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

Lina Medina

  • by
මොන්ටිසෝරි වයසේදී මවක් වූ ළාබාලම අම්මා...

දරුවකුට මෙලොව එළිය දකින්නට වරම් ලබා දී ලෝකයක් විස්මයට පත් කිරීම යනු හුදෙක් අපූර්ව කාරණයකි. එවන් අපූර්ව දරු උපතක් ලෝකයට පමණක් නොව මුළු මහත් වෛද්‍ය විද්‍යාවටද විස්මිත කරුණක්ම වන්නේය. මෙය විස්මයට කරුණක් වනුයේ දරුවා බිහිකළ මව වයස අවුරුදු 5ක තරම් ළදැරියක් වීමය.
1933 සැප්තැම්බර් 27 වැනි දින පේරු රාජ්‍යයේ ටික‍්‍රරපෝ නගරයේදී උපන් ලීනා මෙඩිනා 1939 වර්ෂයේදී මේ ආකාරයෙන් සිය ප‍්‍රථම දරුවාට උපත ලබා දුන්නේ හරියටම ඇයට අවුරුදු 5ක් සම්පූර්ණ වනවිටය. මේ දරු උපත සමග ඇයට විඳින්නට සිදු වූ දුක් ගැහැට අපමණය. දැන් ඇය වයෝවෘද්ධය. එහෙත් අඩුම වයසකින් දරුවෙක් බිහිකිරීමේ භාග්‍යය උදාකරගත් ඇය තවමත් ඒ වාර්තාවේ හිමිකාරිය ලෙසම පසුවන්නීය. ලීනා, කුඩා කල අනෙකුක් දරුවන් මෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙකි. ඇගේ ගම්මානයේ දරු දැරියන් සමග කෙළිදෙළින් දුව පැන ඇවිදිමින් සිටි ඇගේ උදරය අසාමාන්‍ය ලෙස විශාල වීම ආරම්භ වූයේ මේ සමයේය. නමුත් මේ කුඩා ගම්මානයේ මේ වනවිට කිසිදු නවීන තාක්ෂණයක් නොතිබුණු අතර ඇගේ මවුපියන්ට මෙම උදරය විශාල වීම පිළිබඳ කිසිදු අවබෝධයක් ලබාගැනීමේ හැකියාවක් නිර්මාණය වූයේද නැත. දින සති මාස ගණන් ගත වනවිට ඇයගේ උදරය ඉතාමත් වේගයෙන් විශාල වන්නට විය. මේ අතරතුර ලීනාගේ පවුලේ උදවියට ලීනා පේරු රාජ්‍යයේ නගරයක් වූ පිස්කෝ වෙතට රැුගෙන යන්නට අවස්ථාවක් ලැබිණි. එහිදී සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව ලීනා තවත් සුළු කාලයකින් දරුවකුට උපත ලබා දිය හැකි තරම් වැඩුණු කලලයක් සහිත ගැබිනියක් බව වෛද්‍යවරුන් විසින් තීරණය කරන ලදී. නමුත් වෛද්‍යවරුන්ට මෙය තීරණය කිරීමෙන් අනතුරුවද මෙය තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය වූයේ පස් අවුරුද්දක් වයසැති දැරියක් ගැබිනියක් වීම හාස්කමක් වන නිසාය. මේ සඳහා X-Ray කිරණ යොදාගෙන ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ වෛද්‍යවරු තවදුරටත් ලීනා ගැබිනියක් බව සනාථ කර ගැනීමට සමත් විය. ඒ වනවිටත් ලීනාගේ දරු ගැබට මාස 7 සම්පූර්ණ වී තිබුණි.
මේ ගැන ඇයගේ පියාගෙන් වැඩිදුරටත් විමසීමේදී ඔහු වෛද්‍යවරුන් හමුවේ කියා සිටියේ ලීනා වයස මාස 8ක් සම්පූර්ණ වූ කාලයේදීම ඇයගේ වැඩිවිය පත්වීම සිදු වී ඔසප් චක‍්‍රය ආරම්භ වූ බවයි. පිස්කෝ රෝහලේදී මෙම පරීක්ෂණ මෙහෙය වූ වෛද්‍ය ජෙරාර්ඩෝ ලොසාඩා අවසානයේ තීරණය කළේ වෛද්‍ය විද්‍යාවටත් විස්මයක් වූ ලීනාගේ දරුවා පිළිසිඳ ගැනීමට හේතුව සොයා ගැනීමට ඇයව පේරු රාජ්‍යයේ ලීමා නගරයේ රෝහල වෙත මාරු කර යැවිය යුතු බවටයි. ඒ අනුව ලීමා නගරයේ රෝහල වෙත මාරු කර එවූ ලීනා එම රෝහලේ සිසේරියන් සැත්කම් සම්බන්ධ අංශයට යොමු කරන ලදී. එහිදී දරුවෙකුට ස්වාභාවික ලෙස උපතක් ලබාදීමට තරම් ඇයගේ යෝනි විවරයේ පටක සූදානම් නොමැති බව සේම ඇයගේ ශ්‍රෝණි මේඛලාව තුළින් දරුවාට ගමන් කිරීමට තරම් සූදානම් ප‍්‍රමාණයක් නොවන බව වෛද්‍යවරු නිගමනය කළහ. ඒ අනුව සැත්කමක් මඟින් ඇයගේ දරුවා ගර්භාෂයෙන් ඉවතට ගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ. දරුවා උපත ලබන දිනය වනවිට ලීනාට යන්තමින් අවුරුදු 5කුත් මාස 7කුත් දවස් 21කි. ඒ 1939 මැයි 14 වැනි දිනදීය. ඇය උපත ලබා දුන් දරුවා බරින් කිලෝ 2.7ක් පමණ වූ නිරෝගී පිරිමි දරුවකු වීම සුවිශේෂී කරුණක් වන අතර ඇය තම දරුවා සඳහා නම් තැබුවේ ඇගේ වෛද්‍යවරයා වූ ජෙරාර්ඩෝගේ නම වීමද විශේෂත්වයකි.
මේ වනතෙක්ම ජෙරාර්ඩෝගේ පියා කවුරුන් දැයි දන්නේ ලීනා පමණි. නමුත් ලීනාගේ පියා පේරු පොලීසිය විසින් ජෙරාර්ඩෝගේ උපතින් දින කිහිපයකට පසු අත්අඩංගුවට ගත්තේ ලීනා දූෂණය කළ බවට චෝදනා කරමිනි. සාක්ෂි විභාග කිරීමේදී ලීනා කිසිදු විටෙක තමන්ව දූෂණයට ලක් කළ පුද්ගලයා සඳහන් කළේ නැත. ඒ නිසා සුළු කාලයකින් ඇගේ පියාට නිදහස ලැබුණි. දරු උපතින් පසුව ලීනාට ඇගේ මවුපියන් වෙත යාමට අවශ්‍ය වුවත් වෛද්‍යවරු විසින් තවදුරටත් මෙම විස්මිත දරු උපත පිළිබඳ අධ්‍යයනය කිරීමට කැමැත්ත පළ කළහ. එහිදී ලීනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පේරු රාජ්‍යයේ දක්ෂතම භෞත චිකිත්සක වෛද්‍යවරයකු වූ එඞ්මුන්ඩෝ එස්කොමෙල් හට අවස්ථාව ලැබුණි. ඔහු තම පරීක්ෂණවලින් ලීනාගේ පියාගේ ප‍්‍රකාශය නිරවද්‍ය බව තහවුරු කරමින් පෙන්වා දුන්නේ ඇයට වයස මාස 8ක් වනවිටම ඔසප් චක‍්‍රය ආරම්භ වී ඇති බවයි. එසේම ලීනාගේ සිරුර වැඩුණු ගැහැනියක මෙන් පරිපූර්ණ බවත් ඇයගේ පියවුරුවල ස්ථත ග‍්‍රන්ථි පවා හොඳින් වර්ධනය වී ඇති බවත් වෛද්‍ය එඞ්මුන්ඩෝගේ පරීක්ෂණ තුළින් තහවුරු විය. වෛද්‍ය එඞ්මුන්ඩෝ විසින් ලීනාගේ සිදුවීමට අදාළව වාර්තා සකසමින් ඒවා අනාගතයේදී පරීක්ෂණ සඳහා යොදාගත හැකි ලෙස සකස් කළේ යළිත් මෙවැනි විශේෂිත දරු උපතක් බලාපොරොත්තු වීමට ලෝකයට අවස්ථාවක් ලැබෙයි දැයි සැක සහිතවය. දිගින්දිගටම තම දරුවාත් මුණුපුරාත් රෝහලේ රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට ලීනාගේ මවුපියන් විරුද්ධ වීම නිසා ඉක්මනින්ම ලීනා සහ ඇගේ දරුවාව නිවසට යැවීමට රෝහල් බලධාරින්ට සිදුවිය. නැවත නිවසට පැමිණි ලීනාටත් ඇගේ මවුපියන්ටත්  අසල්වැසියන්ගෙන් ලැබුණේ යහපත් ප‍්‍රතිචාරයක් නොවේ. අවලාද, කටකතා මැද ලීනා සහ ඇගේ දරුවා පත්වන අපහසුතාව මත ලීනාගේ මවුපියන් පදිංචිය වෙනස් කිරීමට පමණක් නොව ඉදිරියට ලීනාගේ දරුවා තමන්ගේ කුඩා දරුවා ලෙස එනම් ලීනාගේ සහෝදරයා ලෙස හ`දුන්වා  රැුකබලාගැනීමට කටයුතු කළහ. ලීනා කෙළි සෙල්ලම් කළේ ඇගේ දරුවා සමගය. නමුත් ජෙරාර්ඩෝට වයස අවුරුදු 10ක් පමණ වනවිට ලීනාගේ මවුපියන් විසින් ඔහුගේ සැබෑ මව කවුදැයි හෙළි කළහ. එය ජෙරාර්ඩෝට ජීවිතේ විස්මිත දිනයක් මෙන්ම ලීනාටත් ඉතා හැඟුම්බර දිනයක් විය.
පසුව විවාහ ජීවිතයකට ඇතුළත් වන ලීනා ජෙරාර්ඩෝට වයස අවුරුදු 33ක් සපිරෙනවිට ඔහුගේ සහෝදරයාට උපත ලබාදීමට සමත් විය. නමුත් තම සහෝදරයාගේ 7 වැනි උපන් දිනය සැමරීමට ජෙරාර්ඩෝට එකතු වීමේ භාග්‍ය හිමි වන්නේ නැත. 1979දී එනම් ජෙරාර්ඩෝට වයස 40ක් වනවිට කොඳු ඇට පෙළෙහි මතුවන ආබාධයක් මත මෙලොව අත්හැර යන්නට සිදුවිය. වැඩුණු කාන්තාවක් වුවද දරු කුසක් ඔසවාගෙන විඳින වේදනාව සුළුපටු නොවේ. ඒ හා සාපේක්ෂව සිතන කල පස් අවුරුදු වයසකදී මෙකී අත්දැකීමට මුහුණදුන් ලීනා යකඩ ළදරුවෙකි. ශරීරයෙන් පමණක් නොව මානසික වශයෙන්ද ඇය පත්ව තිබූ තත්ත්වය ඇය මේ වන තෙක්ම දරුවාගේ පියා කවුරුන් දැයි ප‍්‍රකාශ නොකිරීමෙන් පැහැදිලි වේ. සැබැවින්ම ලීනා යනු වෛද්‍ය විද්‍යාවේ නොව විශ්වයේම විස්මයකි. වරෙක ඇයට තම ජීවිතය ගැන වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමට පැමිණි යෝජනාව ඇය ප‍්‍රතික්ෂේප කළේ මුදල් තමන්ට වැදගත් නොවන බව ප‍්‍රකාශ කරමිනි. ඒ ඇයට මුදල්වලින් අඩුපාඩුවක් නොමැති නිසාම නොවේ. තමන්ගේ වේදනාව මුදල් කිරීමට තමන්ට අවශ්‍ය නොවන බව පවසමිනි. අදටත් පුංචි චිකාගෝව ලෙස හඳුන්වන පේරු රාජ්‍යයේ ලීමා නගරයේ තම සැමියා සමග දුක සේ දිවිගෙවන ලීනා දැඩි ආර්ථික ගැටලූ රැුසකින් පීඩාවිඳිමින් සිටියි.
එසේ තිබියදී අවසන් වරට ඇයව මාධ්‍ය මඟින්  දැකගන්නට ලැබුණේ 2002 වර්ෂයේ රොයිටර් පුවත් සේවය මඟිනි. මේ වනවිට තම ජීවිතයේ 80 වැනි විය පසු කරමින් තම සැදෑ සමය ගත කරන ලීනා ලොවටම නිහඬව හඬගා කියන්නේ ‘මුදලට අනිකාගේ කඳුළ යට නොකළ යුතු බව’ පමණක් නොව බොහෝ දුෂ්කරතාවක් හින්දා අපහාස හමුවේ වුවත් ජීවිතය ජයගත යුතු බව නොවේද?



විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
Randiwa U, 15TH DECEMBER 2013

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE