Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

India Sri Lanka Fishermen issue

  • by
වල්ලපට්ට දී කේජී ගේන වාරකන් මුහුදේ හොරකම්....




වසර ගණනාවක සිට ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ඇති ඉන්දීය මුහුඳේ ධීවර කටයුතු පිළිබඳ අර්බුදය මේ වනවිට ගිනියම් වී ඇති අර්බුදයක් බවට පත් වී ඇත. ඉන්දු-ලංකා ධීවර අර්බුදයේදි මසුන් මැරීම සඳහා ඉන්දිය මුහුදු සීමාව ආක්රමණය කරන ලාංකික ධීවරයන්ද ලාංකේය මුහුදු සීමාව ආක්රමණය කරන ඉන්දි ධීවරයන්ද පවසන්නේ එකම කරුණකි. තමන්ට අදාළ මුහුදු සීමාවේ මසුන්, ජීවිකාව සඳහා ප්රමාණවත් නොමැති බවත් නිසා අනෙක් රටේ මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතු සිදුකරන බවත්. මෙසේ සිදුවිය හැක්කේ කෙසේද? ඉන්දියානු ධීවරයන්ට ඉන්දිය මුහුදු සීමාවේ මසුන් හිඟවී ලාංකේය මුහුදු සීමාවේ මසුන් බහුල වීමත් ලාංකික ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් හිඟවී ඉන්දිය මුහුදු සීමාවේ මසුන් බහුල වීමත් උභතෝකෝටිකයකි. මෙකී උභතෝකෝටිකයේ අක්මුල් සොයා බැලීමට රන්දිව. ගවේෂණ තීරණය කළේ එබැවිනි. 


රන්දිව. ගවේෂණ ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ඇතිවී ඇති ධීවර අර්බුදය පිළිබඳ කළ සොයා බැලීමේදි හා බැඳුණු තවත් බොහෝ කරුණු කාරණා රැසක්ම හඳුනාගන්නට ලැබුණිඑහිදි මෙම ධීවර අර්බුදයේ නොපෙනෙන පැතිකඩයන් ගණනාවක්ම පිළිබඳ අපට ගවේෂණය කරන්නට හැකියාව උදා විය. එහිදි මෙම නොපෙනෙන පැතිකඩ නියෝජනය කරන පාර්ශ්වයන් නියෝජනය කරන කිහිපදෙනෙකු මුණගැසීමට අපට හැකිවිය. එම පුද්ගලයන්ගෙන් ඔවුන් ගැන තොරතුරු ලබාගැනීමට සම්බන්ධ කරගැනීමේ කාර්යය ලෙහෙසි කටයුත්තක් වූයේ නැත. සඳහා අපට විවිධ උපක්රම කිහිපයක්ම අනුගමනය කිරීමට සිදුවිය. අවසානයේ ඉන් ප්රධාන පෙළේ පුද්ගලයකු නිලාවේලී මුහුදු වෙරළේදි අප හමුවීමට පොරොන්දු විය. එහිදි එම පුද්ගලයා අප සමග කළ පළමු කතාබහේදි පටන්ම අවබෝධ වූ කරුණක් වූයේ ඔවුන් මුදල් ගැන විනා අන් කිසිදු කාරණයක් ගැන තැකීමක් නොකරන බවය. කෙසේ වුවද පෙර සැලසුම් කරගත් ආකාරයටම නිලාවේලී වෙරළේදි අපි ඔහු හමුවීමට ගියෙමු.

"ජෝශප් අයියා නේද?"

"ඔව්, ඔයා නේද මට කතා කළේ?"

"ඔව් අයියේ, අපි ඉඳගෙන කතා කරමුද?"

ඉන්පසු ජෝශප් ලෙස තමන් හඳුන්වා දුන් පුද්ගලයා සමග අපේ කතාව ඇරඹෙන්නේ නිලාවේලී වෙරළේ උණුසුම් වැලිතලය මත හිඳගෙනය. තරමක් උස මහත සිරුරක් තිබූ ඔහු කෙරෙන් දිස්වූයේ පැරැණි රේන්ද ව්යෙආපාරිකයකුගේ වැනි පෙනුමකි

"මෙහෙමයි, මේක නියම ජොබ් එකක්. මාසෙකට එක පාරක් මුහුදු ගිහින් ආවත් ඇති, මාස දෙකක් විතර ආතල් එකේ ජීවත්වෙන්න. රුපියල් 75,000ක් ගන්න පුළුවන් දවස් දොළහක්, දාහතරක් විතර බෝට්ටුවේ ගිහින් ආවොත්. ලොකු බර වැඩක් එහෙමත් නැහැ. ඞෙච්චර හොයන්නේ කොහොමද?. ඞපි යන්නේ මාළු හොඳට ඉන්න තැන්වලට. ගොඩක්ම ඉන්දියාව පැත්තේ ඉන්න මාළු තියෙන තැන්වලට තමයි යන්නේ. එතකොට ගොඩට ආවම ගොඩම තමයි."

"යන අයට පඩියක්ද දෙන්නේ. නැත්නම් මාළු විකිණෙන විදිහටද?"

"විකිණෙන විදිහට ගෙවන්න උන් බෝට්ටුවේ අයිතිකාරයොද? පඩියක් දෙන්නේ. ගොඩට ආපු ගමන් අතටම සල්ලි දෙනවා. හැබැයි ටාගට් ගාණ ගේන්න ඕනේ. නැත්නම් අඩුවෙන් තමයි ගෙවන්නේ. ඞින්දියාවේ මුහුදට යන්න තහනම් නේද?. කොච්චර තහනම් වුණත් වැඩක් නැහැ. අපිට ගිහින් එන්න පුළුවන් නම්. අනික ඉන්දියාවේ පැත්තට නොයා කොහොමත් ටාගට් එක කවර් කරන්න බැහැ."

හුවුණොත්?"

"ලේසියෙන් අහුවෙන්නේ නැහැ. අහුවුණත් ටික දවසකින් ප්ලේන් එකෙන්ම ලංකාවට එන්න පුළුවන්. ඒත් කොහොම හරි මාළු අරන් ගොඩබිමට ආවොත් ගොඩම තමා. මෙච්චර කාලෙකට මම අහුවෙලා තියෙන්නේ එක පාරයි. දවස් දෙකෙන් මම මෙහාට ආවා. ඇවිත් ඊළඟ දවසෙම අයේ ගියා මුහුදට. ඞෙතකොට බෝට්ටුව?"

"ගොඩක් වෙලාවට ඒක ආපහු හම්බවෙනවා. අනික මුදලාලිට ඒක ලොකු ප්රශ්නයක් නෙමෙයි. මුදලාලිට ලොකු ආදායමක් කොහොමත් තියෙනවා."

"මුදලාලිට බෝට්ටු කීයක් තියෙනවද?"

"තිහ හතළිහක් විතර තියෙනවා."

"ඞොක්කොම බෝට්ටු යන්නේ ඉන්දියාවටද?"

"නැහැ. මේ බිස්නස් එකෙත් එක එක දේවල් තියෙනවා. අපි වාරකන් කාලෙට තමයි මුහුදු යන්නෙ. ±න් මම මේ දවස්වල මෙහේ ඉන්නෙ. ට්රින්කොවලින් මාළු අල්ලන්න බෝට්ටු යන්නේ නැති හින්දා හුළඟ ගොඩක් සැරයි කියලා කාලගුණේ අය කියන නිසා තමයි ගොඩක් අය යන්නේ නැත්තේ. ඒත් අපි යනවා. එයාලා කියන තරම් මුහුද සැර නැහැ. ගොඩක් අය නොයන කාලයක් හින්දා අපිට ගොඩක් ලාභයි මේ කාලේ මුහුදු යන එකෙන්."

  වාරකන් සමයේ මුහුදු යන ධීවරයන් යැයි කියාගන්නා අයගේ ඞ්කියන කතාව.. එහෙත් මෙතැන් සිට අප ඔබට හෙළිකරන්නේ මෙම කතාවේ නොකියන කතාවය. එම නොකියන කතා සියල්ලම සිදුවන්නේද ධීවරයන් ලෙස වෙස්මුහුණු පැළඳගෙනය.

"ඞින්දියාවේ මුහුදට ගිහින් ඔයාලා මාළු විතරද ගේන්නේ...?" 
"මාළු ඇරෙන්න ඉතින් කරවල අරන් එන්නද මුහුදෙන්...?"

"නැහැ, නැහැ අයියේ. සේරම් අයියා මට කිව්වා ඔයා මේ ගැන හොඳට දන්නවා කියලා. මොනාද ඔයාලා ගේන්නේ?"

"මේකයි මල්ලී, මේ බිස්නස් එකේ සයිඩ් බිස්නස් තියෙනවා තමයි. ඔයා සේරම් එක්ක ෆිට් හින්දා මේක මම කියන්නම්. සේරම් හොඳ මනුස්සයා. මට සෑහෙන්න උදව් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට අපේ බෝට්ටුවල මාළු අල්ලන්න යන අය පවා මේ කතාව දන්නෙ නැහැ. අපිට ලාභ තියෙන්නේ මාළු අල්ලන එකෙන් නෙමෙයි. අපි කරන සයිඩ් බිස්නස්වලින්. ඒවායින් ලැබෙන ආදායම එක්ක බලනකොට මාළු විකුණන එක සොච්චම් බිස්නස් එකක්."


"මොනවද බිස්නස්?"

"ඞෙහෙන් මෙහෙටයි, මෙහෙන් එහෙටයි හොර බඩු ගෙනියන එක තමයි."

"මේවා ගේන්න ඉන්දියාවටම යනවද?"

"පෝ නැහැ. ඉන්දියාවේ ඉන්න අපේ මුදලාලිගේ ඒජන්ට්ලා බඩු අරගෙන බත්තල්වල පටවගෙන එනවා. අපි ඉන්දියාවට කිට්ටු කරලා අපේ බෝට්ටුවලට බඩු ටික පටවගන්නවා. අපි ගෙනියන ඒවා එයාලගේ බත්තල්වලට දානවා. වාරකන් කාලේ තමයි අපි මේ බිස්නස් එක කරන්නේ. ඒකට හේතුව තමයි කාලේ§ ලංකාවේ නේවි එක වගේම ඉන්දියාවේ නේවි එකෙත් අවධානය අඩුයි මුහුදට. මොකද මාළු අල්ලන්නේ නැති හින්ඳා අනික මුහුදේ තත්ත්වය එච්චර හොඳ නෑ කාලෙට. නැව් විතරයි ගොඩක් වෙලාවට මේ කාලෙ§ යන්නේ. ඉතින් හින්දා අපේ වැඩ කරගෙන යන්න ලේසියි."

"මෙහෙන් ගෙනියන්නේ මොනවද?"

"ලංකාවෙන් ඉන්දියාවට අපි ගෙනියන දේවලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ වල්ලපට්ටවලට. එහෙන් මෙහෙට අපි ගේන්නේ කේජී, බාබුල්, ගුලි වගේ දේවල්. අනික ප්ලේන්වලින්, නැව්වලින් ගේන්න බැරි ඕන දෙයක් අපි ගෙනත් දෙනවා. අනිත් දේ තමයි අපි සාමාන්යයෙන් මුහුදු යනකොට බෝට්ටු 8ක් විතර එකට යනවා. බෝට්ටුවලින් එකක් හරි දෙකක් හරි සම්පූර්ණයෙන්ම ජල්තර් බඩු තමයි පටවන්නේ. වැහිලිහිණි කූඩුවලටත් හොඳ ඉල්ලුමක් ඉන්දියාවේ තියෙනවා. බෝට්ටුවේ ෆයිබර් එක ගලවලා ෆ්රේම් එකයි ෆයිබර් එකයි මැද තියෙන ඉඩේ තමයි වැහිලිහිණි කූඩු පැක්කරලා අපි අරන් යන්නේ. එහෙම වැහිලිහිණි කූඩු ගෙනියන බෝට්ටුව ඉන්දියාවෙන් එන අයට බෝට්ටුවපිටින්ම දෙනවා. ඒක තමයි බිස්නස් එකේ හැටි. අපි මාසෙකට එකක්වත් වැහිලිහිණි කූඩු තියෙන බෝට්ටුවක් එහෙට යවනවා. ±න් කූඩු එකතු කරන්නත් අය මෙහෙ හැමතැනම ඉන්නවා. එයාලා එකතුකරලා ගෙනාපුවහම පටවලා බෝට්ටුවෙන් පැක්කරලා අපට දෙනවා. අපිට තියෙන්නේ ගිහින් දෙන්න විතරයි."

"කොහෙන්ද ලංකාවට ගේන ඒවා ගොඩබාන්නේ?"

"ගොඩක් අය හිතන් ඉන්නේ, ලංකාවට කේජී, හොර බඩු එන්නේ හලාවත, මීගමුව පැත්තෙන් විතරයි කියලා. හැබැයි අපි රට වටෙන්ම බඩු බානවා. ඊයේ රෑ අපි මෙහෙන් (නිලාවේලී වෙරළෙන්) බඩු තොගයක් බෑවා. මෙහේ මුහුද සැර හින්දා බිස්නස් එකට මරු. අනික මල්ලී ඔය නිකම් මාළුකාරයෝ වගේ නෙමෙයි අපි. නියම බිස්නස්කාරයෝ. මේකට එන්ටර් වුණොත් ගොඩම තමයි."

"කීදෙනෙක් විතර ඉන්නවද අයියේ මේ බිස්නස් එකේ?"

"ස්ථිර සේවකයෝ කියලා කවුරුත් නැහැ මේ බිස්නස් එකේ. වැඩේට ඉන්නෙ බෝට්ටුවේ මුහුදු යන්න සෙට් වෙන අය. සමහරවිට එකපාරක් දෙපාරක් විතරයි යන්නේ. කොහොමත් අපි කිහිපදෙනෙක් විතරයි ගේම් එකේ දිගටම ඉන්නේ. කිසිම කෙනෙක් අපි දිගටම ගෙනියන්නෙත් නැහැ. මොකද පුරුදුකාරයෙක් වුණොත් එයාලා තනියම මේ බිස්නස් එකේ සේරම ±නගන්නවා. ඒක ඇඟට ගුණ දෙයක් නෙවෙයි. නිසා එහෙම වෙන්න දෙන්නෙ නැහැ අපි. මුදලාලියි තව කිහිපදෙනෙකුයි ඇරෙන්න වෙන කවුරුත් මමවත් දන්නෙ නැහැ. සමහර විට තව සම්බන්ධ අය ඇති. නිකන් හිතන්න මල්ලී ඔයත් දෙපාරක් ගිහින් ආවොත් ලක්ෂ එකහමාරක් අතේ තමයි. හොඳට හිටියොත් දිගටම වැඩ සෙට් වෙනවා. එතකොට මාසෙකට එකපාරක් විතර ගියාම ඇති. ඉතිරි දවස්වල ආතල් ගන්න පුළුවන් ඕනතරම්. එකපාරක් ගියාම හැත්තෑ පන්දාහක් කියන්නේ ලේසි ගාණක්ද? බැංකුවක වැඩකරන කෙනෙකුටවත් එච්චර ගන්න බැහැනේ. මම නම් කියන්නේ මල්ලී ඔයත් මේකට සෙට් වෙන්න."


එම පුද්ගලයා සමග කතාව අවසන් වූයේ ඔහු සම්බන්ධ වී තිබෙන ව්යෙආපාරයට සම්බන්ධ වී වැඩ කරන්නැයි කළ ආරාධනාවත් සමගයි. සැබැවින්ම ජෝශප්ගේ මුවින් ඔවුන් නිරත කටයුත්තේ සියල්ල පිටවූවා යැයි අප විශ්වාස කරන්නේ නැත. එහෙත් ඔවුන් කරන දේ ගැන සැලකිය යුතු ප්රමාණයක් ඔහුගෙන් හෙළිදරව් විය. එම මුණගැසීමෙන් අනතුරුව ජෝශප්ලාට බියේ නමුත් ඔවුන්ගේ අවකල් ක්රියා ± විස්සෝප වන සැබෑ ධීවරයන්ද අපට මුණගැසිණ.

"පි මේ වාරකන් කාලෙට මුහුදු යන්නෙ නැහැ. කාලෙ§ තමයි මුහුද අලුත් වෙන්නේ. ඒත් මේක ජාවාරමක් කරගත්තු කට්ටිය වාරකන් කාලෙත් මුහුදු යනවා. මේ බෝට්ටුවල මුහුදු යන්නේ ධීවරයෝ නෙමෙයි. එයාලා හදන්නේ මුහුදේ තියෙන හැමදෙයක්ම හූරගෙන එන්න. අපි කවදාවත් පුංචි මාළු පැටව් අල්ලන්නෙ නැහැ. මාළු බිත්තර දාන තැන්වලට ±ල් දාන්නේ නැහැ. මොකද මුහුදේ මාළු බෝවෙන එක නැවතුණොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ? ඒත් අර අයට එහෙම හැඟීමක් නැහැ. එයාලට ඕනෙ තියෙන ඔක්කොම එක පාර ගේන්න. අනාගතය ගැන හිතන්නෙ නැහැ. හැමදේකින්ම අසරණ වෙන්නෙ අපි. මුහුදේ අතරමං වෙලා ඉන්දියාව පැත්තට වැරැදිලා හරි ගියොත් අපි ඉන්දියාවට අරන් යනවා එහෙ නේවි එකෙන්. පුදුම දුකක් විඳලා තමයි මෙහෙට ආයෙත් එන්න වෙන්නේ.අපේ ළමයි, පවුල් අපි එනකල් බඩගින්නේ. කවුරුත් අපි ගැනවත් එයාලා ගැනවත් බලන්නෙ නැහැ, අපි හැමතැනින්ම තැළෙනවා. අනික කවදාවත් වාරකන්වල මුහුදු යන්නෙ නැහැ. කාලෙට මුහුදු ගියොත් අපේ බෝට්ටුවල හැටියට පණපිටින් ගොඩට එන්න ලැබෙන්නෙ නෑ. අපි මාළු අල්ලන්න ඉන්දියාවට යන්නෙ නැහැ. අතරමං වුණොත් තමයි වගේ දෙයක් වෙන්නෙ. නැත්නම් ලොකු කුණාටුවකට අහුවුණොත්. ඒත් ඔය ජාවාරම්කාරයෝ කරන්නෙ අපේ නම විකුණලා එයාලගේ බඩ වඩා ගන්න එක. මහත්තයා පත්තරේ කිව්ව හින්දා මේවා කියන්නෙ. මේ කියන ඔක්කොම දාන්න. අපිට කතා කරන්න විදියක් නැහැ මේ ජාවාරම්කාර මුදලාලිලා ගැන. එයාලට සල්ලි තියෙනවා විතරක් නෙමෙයි, ලොකු ලොකු අයත් එක්ක සම්බන්ධයි. සමහර දේශපාලනඥයොත් එක්ක පවා එයාලා වැඩ කරනවා. හින්දා අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඔය ධීවර සමිතිවලින්වත් ධීවර ඇමැතිලවත් මේවා ගැන හොයලා බලන්නෙ නැහැ. එයාලත් කියන්නෙ අපිට ඉන්දියාවේ මුහුදට යන්න එපා කියලා. අර ජාවාරම්කාරයන්ට කතා කරන්න කවුරුත් නෑ. එක පාරක් ඔය ගැන කතා කරන්න ගියපු අපේ කෙනෙක්ගේ වාඩියක් පුච්චලා තිබුණා. මේවා හරි අසාධාරණ දේවල් මහත්තයෝ. දෙවියෝ කවදා හරි මේවට දඬුවම් දෙයි.

එසේ ධීවරයන් සමග අප කළ කතාබහින් අපට අවබෝධ වූයේ සාම්ප්රදායික ධීවරයාට ජාවාරම්කරුවන් නිසා උරුම වී ඇති ඛේදජනක තත්ත්වයය. එකී ඛේදජනක ඉරණම හමුවේ ලංකාවේ ධීවර කර්මාන්තය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතිවා සේම තවත් ජාවාරම් ගණනාවක්ම ලංකාවේ මුහුද වෙළාගනිමින් තිඹේ බොහෝ ජාවාරම්කරුවන් භාවිත කරන්නේ ධීවර වෙස් මුහුණක් වීමද කනගාටුදායකය. කෙසේ නමුත් මාළු බෝට්ටුවල මුවාවෙන් මෙරටට ගෙන එන කේජී හෙවත් කේරළ ගංජා, විවිධ මෝදක වර්ග, බාබුල් වැනි මත්ද්රව්යෙඅ වර්ගද නීති විරෝධී ලෙස ගෙන එන විවිධ භාණ්ඩද මෙරට ජන ජීවිතයට සිදුකරන හානිය සුළුපටු නොවේ. මෙම ජාවාරම්කරුවන් මේ වනවිටත් මෙරට සියලු මුහුදුබඩ කලාප ආක්රමණය කර තිබීම මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ මතුවන හිඩැසකි. කෙසේ නමුත් මීළඟ ජනවාරි මාසයේ ධීවර අමාත්යවරයා ඉන්දු-ලංකා ධීවර අර්බුදය ගැන සාකච්ඡා කිරීමට ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. එකී සංචාරයෙන් පසු හෝ ලාංකේය සාම්ප්රදායික ධීවරයා හා ලංකාවේ ධීවර සම්පත සුරක්ෂිත වනු ඇතැයි ඞ්රන්දිව. ගවේෂණ බලාපොරොත්තුවය. එසේම ලාංකේය මුහුදේ සිදුවන හොරබඩු සහ මත්ද්රව්යෙඅ ජාවාරම් නැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. 




අපි කියන දේ සමහර ධීවරයෝවත් අහන්නෙ නෑ.
  • රාජිත සේනාරත්න ධීවර හා ජලජ සම්පත් අමාත්

අපේ ධීවරයෝ ඉන්දියානු මුහුදු සීමාවට යන එකත් එයාලා අපේ මුහුදු සීමාවට එන එකත් කියන දෙකම ජාත්යන්තර නීති අනුව නීති විරෝධී ක්රියාවන්. මේක වළක්වන්න පුළුවන් ක්රම දෙකයි තියෙන්නෙ. එකක් අපේ ධීවරයෝ ±නුවත් කරන එක. අනික ඉන්දියාවෙන් එන ධීවරයෝ අතඩංගුවට ගන්න එක. මම ප්රකාශයක් කරා ඉන්දියානු මුහුදු සීමාවට ගිහින් අහුවුණොත් අමාත්යාංශය උදව් කරන්නෙ නැහැ කියලා. ඒත් එයාලා අහන්නෙ නැහැ. ඉන්දී මුහුදු සීමාවට යනවා.



විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව ගවේෂණ, 2013 දෙසැම්බර් 22 වැනිදා ඉරිදා

Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE