අවසානය හුදකලා විය! - මගේ ආදර කථාව 2.

අවසානය හුදකලා විය! - මගේ ආදර කථාව 2.


අපි මුලින්ම දැක්කේ - අඳුරගත්තේ කවියගේ පොලිටිකල් ක්ලාස් එකේදී වුනාට, අපි ඈත් වුනේ සති ගානක් එකිනෙකා නොදැකපු දුක පුපුරලා ගියපු දවසක... ඒ වෙනකොට ජිවිතේ ආපහු හැරිලා හදා ගන්න බැරි තරමට අපි වරද්දගෙන තිබුණා. අඩුම තරමේ අපේ ආදරේ නාමයෙන් වත්!

ඇත්ත! මම ඔයාට වඩා එයාට ආදරය කළා. හැමදාම - තාමත්. උඹ මුසලයෙක්! හිත් ඇතුලෙන් මට ම බනිනවා. එත් ආපහු හැරෙන්න බෑ. හැබැයි අමතක කරන්න එපා 
මම ඔයාටත් ආදරේ කළා.

ඔයා දන්නවද මේ පාර අපි දෙන්නගේ ම යා
ළුවා ගේ බර්ත් ඩේ එකට මම සුබ පැතුවේ සිහියකින් නෙමෙයි. මතකද? මම ඔයාට ආදරේ කිවුවෙත්, ඔයා මට ආදරේ කිවුවෙත් අපේ යාළුවාගේ උපන් දිනය දවසේ...

එස්. එම්. එස්. එකක් අස්සේ හිරකරලා කියාගන්න බැරි ගොඩක් දේවල් 2011 - 2013 කාලේ පෙම් හසුන් වලින් අපි අතරේ හුවමාරු වුනා. ඔව්! 21 වෙනි සියවසෙත් ලියුම්! ඒ හසුන් වල කාබන් අකුරුත් එක්ක අපේ මතකයන් මුහුවුනා. මම තාමත් ඒ කාබන් සුවදට ආදරෙයි. 


ඇත්තමයි! මම තාමත් ඒ මතකයන් එක්ක ජීවත් වෙනවා.... ඔයා පාළු හුදකලාවක අසනීප වෙච්චි අම්මත් එක්ක තනිවෙලා. ඒත්, අපිට ලං වෙන්න බැහැ. කවදාවත් ඒ මතකයන් අමතක කරන්නත් බැහැ.

ඒ නිසා මගේ ආදර කථාව අපේ ආදර කථාවක් වුණා.

හුදකලා විරාමයේදී හමුවෙ.....? 

ඇති,