Hello,This is me!

Vimukthi Dushantha Rawanasinghe

Head of Strategic Planning, Social Media and Branding in RAY Media Solutions Executive - New Media in Lake House - ANCL Journalist / Editor in Chief in Info Sri Lanka News

මොවුන් ඔබට අසීමිතව ප්‍රේම කරයිද?

  • by

මොවුන් ඔබට අසීමිතව ප්‍රේම කරයිද?

අද ජුනි මස 20 වැනිදාය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අමරණීය මතකයන් මෙන් ම සිසු විරුවන්ගේ මතකයන් ද සැමරෙන අද දිනය දේශපාලන බලවේග විසින් කෙළතොළු කිරීම ශිෂ්‍ය ව්‍යාපාරයේ අනාගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක් නොවේ.

කෙසේ නමුත් මෙකි අර්බුදයට අක්මුල් සොයා යාමේදී ඊට පදනම වැටුනේ අද ඊයේ සිට නොවන බව පැහැදිලිය. වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරයද මුහුණ දෙමින් සිටින්නේ ජවිපෙ වෙතින් සිදුවූ ඓතිහාසික වැරැද්දේ වත්මන් ස්වරුපයටයි.

විජේවීරගේ සිට අනුර කුමාර දක්වාම ජවිපෙ අහිමි කරගෙන සිටින්නේ ඔවුන්ගේ නිර්මාණශීලිත්වයයි. ජවිපෙ සාමාජිකයා පක්ෂයේ නිර්මාණශීලිත්වය ලෙස අත්විදින්නේ එහි පෝස්ටර් ඇලවීමයි. මෙම පෝස්ටර් වලින් ජවිපෙ අභ්‍යන්තර සාමාජිකයාට ආතල් එකක් දීමට වඩා වැඩි යමක් නැත. එය තමන්ගේ මුහුණ කැඩපතින් බලාගැනීමක් විනා ජාතික තලයේ සේවයක් නොවේ. එය තව දුරටත් ජවිපෙ විසින් තහවුරු කළේ අලුත්ගම සිදුවීමට එරෙහිව රට පුරා පෝස්ටර් ආතල් එකක් දීමෙනි. ජවිපෙ සාමාජිකයා ද මෙකී පෝස්ටර් ආතල් එක ගැන සිටින්නේ පට්ට අධිතක්සේරුවකිනි. ඔවුන් සිතන්නේ බොදුබල සේනාවට එරෙහිව පොස්ටර් ඇලවූ පසු ජවිපෙ විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන (සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතිවාදී) රාජ්‍යට තවත් පියවරක් ලඟා වුවා සේය.

"මව්බිම නැත්නම් මරණය" වැරදි ලෙස කියවා ගත් ජවිපෙ අවසානයේ පාඨලී චම්පික අනුගමනය කරන්නට ගොස් හොඳටම කෙළවා ගත්තේය. අවසානයේ විමල් විසින් ජවිපෙ කළ ඓතිහාසික වැරැද්ද ඔප්පු කර පෙන්වීය.

ඉන්පසු 'විමල්' - 'වී මල්' වුවා සේම ජවිපෙට පෙරටුගාමීන් කුරුටුගාමීන් විය. පෙරටුගාමීන් ද ජවිපෙ විකල්පය වන්නට ගොස් ජවිපෙ ෆොටෝ කොපියක් බවට පත්වූ සේයාවක් මිසක් වෙන යමක් නම් පෙනෙන්නට නැත. නමුත් ජවිපෙට මඟහැරුණු දෙමළාගේ අර්බුදය පෙරටුගාමීන්ට හසු විය. අවසානයේ පෙරටුගාමීන්, දෙමළාගේ ප්‍රශ්නයෙන් ජවිපෙ නිරුවත් කිරීය. දැන් ජවිපෙ සිටින්නේ අමු හෙළුවෙන්ය. අනුර කුමාරට ඇත්තේද ඥණසාරට ඇති එක ම බව පෙනෙන්නට පටන් ගත්තේ ඥණසාරත් නිරුවත් වූ පසුය. දැන් දෙදෙනාම සිටින්නේ විලිලැජ්ජාවක් නැතුව අමුම අමු හෙළුවෙන්ය.

කෙසේ නමුත් පෙරටුගාමීන් ගලවා දැමු වස්ත්‍රය යලිත් ඇඳ ගන්න අනුර කුමාර අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටියි. ඒ ජාත්‍යන්තර මාධ්‍යවල සම්මුඛ සාකච්ඡාවලට ගොස් තමන්ගේ මව සහ පියා බෞද්ධයන් බවත් තමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ බෞද්ධ යනුවෙන් බවත් පවසමිනි. එයින් තමන් මාක්ස්වාදීයෙක් බවත් ලබ්දියක් නැත්තෙක් බවත් අඟවන්නට උත්සහ කරයි. නමුත් අනෙක් අතට මහනායක හිමිවරුන් බැහැදැක පිරිත් නූල් බැඳ ගනියි. (උප්පැන්න සහතිකයේ ආගම සඳහන් නොවන බවත් අනුර කුමාර {සහෝදරයාට} මතක් කල යුතුය.)

ජවිපෙ කරන මෙම පටලවා ගැනීම දැන් පුරුද්දට ගිහින්ය. ජාතිවාදී කඩුවත්, බෞද්ධ පිරිත් නුලත් දෑකැත්ත හා මිටිය සමඟ පටලවා ගත් ජවිපෙ දැන් දැන් පටලා ගැනීමෙන් ම අර්බුදයට යමින් සිටියි.

එම අලුත්ම පටලවා ගැනීම 'ශිෂ්‍ය වීර දිනය' පටලවා ගැනීමයි. එකී පටලවා ගැනීමේ නරුම ස්වරුපය අද මහජන පුස්තකාලයේදී එළි දකිනු ඇත. ගොබ්බ පණ්ඩිත කතා රැසකින් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දිනය අවසන් වනු ඇත. එයත් මහින්දගේ සංදර්ශනයන්ට සමාන එකක් මිස අනෙකක් නොවේ. වෙනස "වෙනස්" යැයි කියා ගන්න සාම්ප්‍රදායිකයන් පිරිසක් එය සංවිධානය කිරීමයි.

අනුරගේ කතාව : https://www.facebook.com/photo.php?v=310856692402118&set=vb.267207983433656&type=3&permPage=1




විමුක්ති දුෂාන්ත.

Youth Arena.
www.ya.infosrilankanews.com


Entrepreneur | Social Media and Branding Expert | Journalist | Media Personnel | Writer | Executive

Vimukthi Dushantha Rawanasinghe
+94715399847
Maharagama, Sri Lanka

SEND ME A MESSAGE