මරණීය දණ්ඩනය ආතල් ද? - Hanging?


ද ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි පිරීගොස් ඇත්තේ "ස්ත්‍රී දුෂකයන්ට" මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට ප්‍රකාශ වන පොස්ටුවලිනි.

මීට ආසන්නම හේතුව වන්නේ කුඩා දැරියක් අපයෝජනය කර මරා දැමීමේ සිදුවීමය. 

මෙසේ කුඩා දැරියන් අපයෝජනය කර මරා දැමු පළමු අවස්ථාව මෙය නොවන අතර ම මෙම විරෝධතාවයේ ආයුෂ ඇත්තේ ද තවත් උණුසුම් මාතෘකාවක් ෆේස්බුක් අතරට පැමිණෙන තුරු පමණි.

මා මෙහිදී පෙන්වා දෙන්නට උත්සහ කරනුයේ මෙම ජනප්‍රිය මාතෘකා මාරු වීම හෝ ඇතැම් සමාජ ජාල ක්‍රියාකාරීන් ගේ ඊනියා නිරුවත නොවේ.

මරණීය දණ්ඩනය සාධාරණ ද යන කාරණයයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ 11වන ව්‍යවස්ථාව අනුව "කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය." යනුවෙන් සඳහන්ය.

මේ අනුව බලන විට මරණීය දණ්ඩනය පැනවීම කෘර හෝ අමානුෂික කාරණයක් නොවේ ද යන්න ගැටලුවකි. 

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වක්‍රව හෝ මරණීය දණ්ඩනය ප්‍රතික්ෂේප කරනු ලබන බව මගේ පුද්ගලික අර්ථ දැක්වීමයි.

කෙසේ නමුත් කිසියම් අයෙකු වරදකරුවෙකු වන්නේ මෙරට ක්‍රියාත්මක නෛතික ප්‍රතිපාදන අනුව ය. එහිදී සාක්ෂි පදනම් කර ගන්න අතර එම සාක්ෂි හෝ අධිකරණ ක්‍රියාවලිය මා ප්‍රශ්න නොකරන නමුත් සැමවිටම යුක්තිය ඉටුනොවන බව නම් බහුතරයක් පිළිගන්නා සත්‍යකි.

එසේ තිබියදී එකී අධිකරණ ක්‍රියාවලිය තුලින් ම  මරණීය දණ්ඩනය ලබා දීම කෙතරම් යුක්ති සහගත ද? යන්න එක් පැනයකි.

එසේම අප අවබෝධ කරගත යුත්තේ මන්ද මරණීය දණ්ඩනය තුලින් අහිමි වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයක් එසේත් නැති නම් ජිවත් වීමේ අයිතිය බවයි.

දඩුවම් ලබා දිය යුත්තේ එම පුද්ගලයා පුනුරුත්තාපනය කර ගැනීමට මිස මරා දැමීමට නොවේ.

යම් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය ලබා දීම තුලින් පිළිඹිබු වන්නේ එම සමාජයේ ඇති පරිපාලන පද්ධතිය තුල ඇති අපරාධකරුවන් විශෝධනය කිරීමේ ක්‍රියාවලියේ ඇති නොදියුණු භාවයයි. එමෙන් ම එම සමාජයේ ඇති කෘරත්වය සේම මිලේච්ච්ත්වයයි. 


විමුක්ති දුෂාන්ත | Vimukthi Dushantha Rawanasinghe
‪#‎විදූ‬ | ‪#‎ViDhu‬